Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
සිනමා ශාලාවකදී නීල්ට හමුවුණ විජය සූරයෙක් වෙන්න ඉල්ලපු අමුතු විදිහ.

- සිනමා ශාලාවකදී නීල්ට හමුවුණ විජය සූරයෙක් වෙන්න ඉල්ලපු අමුතු විදිහ.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

222 Views

සිංහල සිනමාවට ජනප්‍රිය චිත්‍රපට රැසක් දයාද කළ අධ්‍යක්ෂවරයකු තමයි නීල් රූපසිංහ. ඔහු මුලින්ම හැදුවේ ‘දැන් මතකද’ චිත්‍රපටය. ඊට පස්සේ තමයි ‘හතර දෙනාම සූරයෝ’ වගේම ආදරේ හිතෙනවා දැක්කම, සරදියෙල්ගේ පුතා, යකඩයා, අමල් බිසෝ, ලස්සන කෙල්ල, වගේ තවත් චිත්‍රපට රැසක් හැදුවේ


අද ඔහුගේ උපන් දිනය. ඉතින් ඒ වෙනුවෙන් ‘මම නීල්’ ග්‍රන්ථය අද වත්තල රාම් සිනමා ශාලාවේදි සවස 4.00ට නිකුත් කරනවා.
මේ අධ්‍යක්ෂවරයා තමන්ගේ සිනමා ජීවිතය තුළදි ලැබූ අත්දැකීම් එමටයි. ඒ ගැන ටිකක් විතර අපි එක්ක කතා කළා.

“ මගේ දෙවන චිත්‍රපටය තමයි හතර දෙනාම සූරයෝ. මේ චිත්‍රපටය හදන්න සැලසුම් කරන කාළේ මම මගේ නංගියි, අම්මයි එක්ක බොරැල්ලේ ෆිල්ම් හෝල් එකකට ගියා චිත්‍රපටයක් බලන්න. එදා ඒ චිත්‍රපටය බලන්න හීන් දෑරි උස තරුණයෙක් ඇවිත් හිටියා.

ඉතින් මෙයා මා ළගට ඇවිත් කතා කළා. ‘ඔබතුමා අලුත් චිත්‍රපටයක් හදනවා කියල ආරංචියි. බැරිද මටත් පොඩ් අවස්ථාවක් දෙන්න’ කියලා බොහොම ගරු සරු ඇතිව ඇහුවා.

ඒ තරුණයා තමයි විජය කුමාරණතුංග. මටත් එයාව දැක්කම ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයට මෙයා හොදයි කියන හැගීම ආවා. මොකද මමත් ඒ වෙද්දි තුන් දෙනෙක් තෝරාගෙන එක් කෙනෙක්ව හොය හොයා හිටියේ. ඉතින් ඔය විදියට මා එක්ක වැඩ කරන්න ආව විජය මිය යනතුරුව ඒක මතකයේ තියාගත්තා. කොයි තරම් ජනප්‍රිය වුණත් විජය වෙනස් වුණේ නැහැ.
ඊළගට මාලිනී. ඇයත් එහෙමයි. ඇය හරිම ලස්සන, පිළිවෙළට වැඩ කරන කෙනෙක්. හැමදාම එකම විදියට තමයි මට හිතවත්ව කතා කළේ. හිත රිදෙන දෙයක් කවදාවත් කියල නැහැ. කරලත් නැහැ. රගපාන්න එන්නේ හොද සුදානමකින්. ආවට පස්සේ වෙන වැඩ නැහැ. ඉන්නේ චරිතයට අනුගත වෙලා. පුදුම හික්මීමක් තිබුණ හොද කෙනෙක්.

මේ වෙද්දි ගාමිණි නම් තරමක් ජනප්‍රියයි. එයා හරි වෙලාවට කලාවට වැඩ. ලොකුකම් නැහැ. වැඩේ හරියටම කරනවා. ඒ කාළේ මේ තුන්දෙනා එක්ක මම ගත කළ කාලය හරිම රසවත්. අද කාලේ අය වගේ නෙමෙයි. අද පරපුරේ අයට ඒ කලාකරුවෝ ළගට කිට්ටු වෙන්නවත් බැහැ. කරන චරිතය වෙනුවෙන් කැප වෙන්නේ නැහැ. හිතවත්කම් ලොකුවට නැහැ. වෙනස අමුතුයි.

‘මම නීල්’පොතේ මම අපේ යුගය ගැන බොහෝ දේ ලිව්වා. ඒවා අලුත් අය බලන්න ඕන. ඒක මේ ක්ෂේත්‍රයට වටිනවා.”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top